Search

ඔස්ටේ්‍රලියාවේ තැපැල් ගාස්තු අද සිට ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ තැපැල් ගාස්තු වැඩි කිරීම අද සිට බලාත්මකයි.

ඒ අනුව දේශීය සහ විදේශීය – ලිපි සහ පාර්සල් යන දෙවර්ගයේම ගාස්තු මෙන්ම මුදල් ඇණවුම් ගාස්තුද ඉහළ දැමෙනු ඇති.

දේශීය පාර්සල් ගාස්තු සියයට 4.5 කින් සහ විදේශීය පාර්සල් ගාස්තු සියයට 4.8 කින් වැඩි කර තිබෙනවා.

එනම් ග්‍රෑම් 500 ට අඩු පාර්සලයක් යැවීමේ ගාස්තුව ඩොලර් 9.30 සිට ඩොලර් 9.70 දක්වා ඉහළ යනු ඇති.

ග්‍රෑම් 500 ත් කිලෝ 01 ත් අතර මෙතෙක් පැවති ඩොලර් 12.70 ක ගාස්තුව ඩොලර් 13.25 දක්වා වැඩි වීමට නියමිතයි.

කිලෝ 01 ත් 03 ත් අතර පාර්සලයක් යැවීමේ නව ගාස්තුව ඩොලර් 16.65 ක් වන අතර කිලෝ 03 ත් 05 ත් අතර පාර්සලයක නව ගාස්තුව ඩොලර් 20.05 ක්.

වටිනාකම ඩොලර් 5000 ක උපරිමයකට යටත් වන මුදල් ඇණවුමක් යැවීමේ ගාස්තුව ඩොලර් 11 සිට 13 දක්වා අද සිට ඉහළ යනවා.

අද සිට ඉහළ දමා ඇති තැපැල් සහ පාර්සල් ගාස්තු සමස්ත ලේඛණය මෙතැනින්

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »