Search

මෙල්බන් ට්‍රෑම් – මෝටර් රථ අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක්

මෙල්බන් නගරයේ සතිපතා සිදුවන ට්‍රෑම් රථ – මෝටර් රථ ගැටීම් අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

Yarra Trams පවසන්නේ සතියකට මෙවැනි අනතුරු 20 ක් පමණ වාර්තා වන බවයි.

මෙම තත්වය වළක්වාලීම සඳහා ට්‍රෑම් රථ ගමන් කරන මංතීරු මාර්ගයෙන් අනෙක් මංතීරුවලින් පැහැදිලිව වෙන් කිරීමේ නව වැඩපිළවෙලක්ද ආරම්භ කර තිබෙනවා.

පළමුවෙන් එය මෙල්බන් CBD හිදී ක්‍රියාත්මක කෙරෙන අතර එහි සාර්ථකත්වය මත නගරයේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කෙරෙනු ඇති.

දැනට සිදුකර ඇති අත්හදා බැලීම් අනුව තහවුරු වී ඇත්තේ අනතුරු සංඛ්‍යාව සියයට 30 කින් පමණ අඩුකරගත හැකි බවයි.

මාස 03 ක් ඇතුළත සමස්ත මෙල්බන් නගරය පුරා මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »