වික්ටෝරියා රෝහල්වල දැඩි ඇඳන් හිගයක්

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළයාමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල දැඩි ඇඳන් හිගයක් හටගෙන තිබෙනවා.

දැඩි සත්කාර ඒකකවලින් මුදා හරින රෝගීන් සාමාන්‍ය වාට්ටු වෙත යොමු කිරීම වෙනුවට නිවෙස් කරා පිටත්කර හැරීම ඒ අනුව සිදුවන බව සඳහන්.

කෙසේවෙතත් කිසිදු රෝගියෙකු සුවය ලැබීමට පෙර මුදා නොහරින බවටයි සෞඛ්‍ය අංශ සහතික වන්නේ.

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් වීම හමුවේ සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් හුදකලා කර සිටීමද ප්‍රතිකාර සැපයීමට දැඩි බාධාවක් වී තිබෙනවා.

හෙද අධ්‍යාපනය හදාරන සිසුන් අතුරින් 02 වන සහ 03 වන වසරේ සිසුන් වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් සඳහා අනුයුක්ත කිරීමට පියවර ගැණුනේද මෙම සේවක හිගය මගහරවාලීමේ අරමුණ ඇතිවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »