ඩේවිඩ් වෝනර් ගෙන් ලංකාවට මල් මිටක් – නැවතත් එන බවත් කියයි

ක්‍රිකට් තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවෙන් ලැබුණු උණුසුම් සත්කාරය අගය කරමින් ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සටහනක් තබා තිබෙනවා.

ඒ සිය ඉන්ස්ටග්‍රම් ගිණුම ඔස්සේයි.

ශ්‍රී ලංකා ජාතික ධජයද සහිතව නිකුත් කර ඇති එහි දැක්වෙන්නේ අසීරු කාලයකදී වුවද තමා ඇතුලු කණ්ඩායමට කල සැළකිලි අමතක නොවන බවයි.

ශ්‍රී ලංකාව යනුවෙන් නිරතුරුව සිනහවෙන් පිරුණු මිනිසුන් පිරි රටක් බවත් සෑම විටම ආගන්තුක සත්කාරය ඉහළින්ම හිමිවන බවත් ඔහු සඳහන් කරනවා.

ඩේවිඩ් වෝනර් අවධාරණය කරන්නේ අනාගතයේ දිනක තමා පවුලේ සාමාජිකයන්ද සමග ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බවයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »