Search

වික්ටෝරියා ගුරුවරුන්ට හෙට සිට සහනයක්

එන්නත්කරණයට ලක්ව නොමැති වුවද ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමට වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්ට ලබන සඳුදා සිට අවස්ථාව උදාවනවා.

ඒ හෙට මධ්‍යම රාත්‍රියේ සිට අදාළ එන්නත්කරණ අවශ්‍යතා රෙගුලාසි ඉවත්වීමත් සමගයි.

මේ අනුව ගුරුවරුන්ගේ එන්නත්කරණ තොරතුරු පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීමක් සිදුනොවන අතර පාසලේ කිසිවෙකුටත් එම තොරතුරු ලබා ගැනීමටද අවස්ථාව උදාවන්නේ නැහැ.

කොවිඩ් එන්නත්කරණයට භාජනය නොවීම හමුවේ පසුගිය අප්‍රේල් මාසයේදී වික්ටෝරියා හි ගුරුවරුන් 351 දෙනෙකු ඉවත් කෙරුණු අතර තවත් 280 දෙනෙකු සේවයෙන් ඉවත්වී තිබුණා.

හෙට සිට ලිහිල් වන රෙගුලාසිත් සමග ඔවුන්ට නැවතත් රාජකාරි සඳහා පැමිණීමට අවස්ථාව උදාවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ – හුදකලා නීති සහ එන්නත්කරණ අවශ්‍යතා පිළිබඳ රෙගුලාසි හෙට එනම් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් වනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »