මෙල්බන් නිවසක බිළිඳු මළ සිරුරක් – බරපතල තුවාල ලබා සිටි මව රෝහලට

මෙල්බන් Mernda, Langdon Drive ප්‍රදේශයේ නිවසක තිබී බිළිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ බරපතල තුවාල සහිත බිළිඳෙකු සිටින බවට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රී 09 ට පමණ අදාළ නිවස පරීක්ෂා කල බවයි.

එහිදී බිළිඳු මළ සිරුර සහ බරපතල තුවාල ලබා සිටි දරුවාගේ මව හමුවී තිබෙනවා.

ඇයගේ තත්වයද අසාධ්‍ය බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ.

මෙය සියදිවි නසා ගැනීමට තැත් කිරීමක්ද නොඑසේනම් අපරාධයක්ද යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »