ට්විටර් ඩොලර් බිලියන 44 කට ඉලොන් මස්ක් ට අලෙවි කිරීමට අනුමැතිය

අමෙරිකානු ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් ට අලෙවි කිරීමට ට්විටර් අධ්‍යක්ෂ මණ්ඩලය එකග වී තිබෙනවා.

දැනට එහි කොටස් ලාභියෙකු පමණක් වන මස්ක් මීට සති 02 කට ඉහතදී අනාවරණය කලේ තමා ටිවිටර් සමාගමේ සියලු කොටස් මිළදී ගැනීමට සූදානම් බවයි.

ඊට එහි විධායක මණ්ඩලය පළමුවෙන් එකග නොවූ නමුත් ඊයේ දිනයේදී අවසන් කැමැත්ත පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

කොටස් හිමියන්ගේ අනුමැතියද හිමිවීමෙන් පසු ට්විටර් සමාජ ජාලය ඉලොන් මස්ක් ට අලෙවි කිරීම සිදුවනු ඇති.

මේ අනුව තනි පුද්ගල හිමිකාරිත්වය සහිත සමාගමක් බවට ට්විටර් පත්වන අතර කොටස් ලාභීන්ට එක් කොටසක් සඳහා ඩොලර් 54.20 ක මුදලක් හිමිවීමට නියමිතයි.

ෆෝබ්ස් සගරාවට අනුව ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා ලෙස සැළකෙන්නේද ඉලොන් මස්ක් වන අතර ඔහුගේ දළ වත්කම ඩොලර් බිලියන 273.6 ක්.

ව්‍යාජ ගිණුම් ඉවත් කිරීම ඇතුලු නව ප්‍රතිසංස්කරණ රැසක් ට්විටර් සමාජ ජාලයට හඳුන්වා දෙන බවටයි ඉලොන් මස්ක් විසින් පොරොන්දු වී ඇත්තේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »