සිඩ්නි නගරයේ සියලුම දුම්රිය ගමන්වාර අද දිනයේදී අවලංගු කර තිබෙනවා.
ඒ දුම්රිය රියදුරන් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අතර හටගෙන ඇති මතභේදයක් හේතුවෙනුයි.
මෙය වර්ජනයක් නොවන බව ප්‍රවාහන වෘත්තීය සමිති අවධාරණය කරනවා.
දුම්රිය ගමන් වාර අවලංගු කිරීම හමුවේ සිඩ්නි බස් නැවතුම්පොල අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සඳුදා දිනයක් වීම හමුවේ මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්වී සිටින ආකාරයක් දක්නට ලැබුණා.