නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ෆාමසි පවත්වාගෙන යන පුද්ගලයන්ට, වයස අවුරුදු 40 ට වැඩි අයට අද සිට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදීමට අවසර දී ඇත.
ඒ අනුව Gulgong, Narromine, Walcha, Dungog, Dunedoo & Merriwa ප්‍රදේශවල ෆාමසි හිමියන්ට වෛද්‍යවරුන්ට සහය පිණිස එන්නත් ලබාදීමට හැකියාව පවතී.
වයස අවුරුදු 40 ට අඩු අයට සිය වෛද්‍යවරයාගේ නිර්දේශය මත මේ සඳහා කටයුතු කල හැකි බව සඳහන්ය.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමේ අරමුණ ඇතිවයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ සඳහා අවසර දී ඇති ෆාමසි ලැයිස්තුව NSW Health website වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.