
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අතිරේක Pfizer එන්නත් ලබාදෙන ලෙස ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian කල ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.
වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල අගමැතිවරුන් මේ වනවිටත් සිය ප්‍රාන්ත සඳහා වන Pfizer එන්නත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අතිරේක Pfizer මාත්‍රා නොලැබෙන අතර, ප්‍රාන්ත වැසියන්ට පළමු Pfizer එන්නත් මාත්‍රා ලබාදීම කඩිනම් කරන බව අගමැති මොරිසන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එහි දෙවන මාත්‍රාව ලබාදීමේ කාලය සති 3 සිට සති 6 දක්වා ඉහල දමන ලෙසයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල AstraZeneca එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම කඩිනම් කරන බවද අගමැති මොරිසන් පවසයි.