NSW හි සැහැල්ලු බෑග් / බීම බට සහ ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු භාවිතය කපා හැරීමේ යෝජනාවක්

සැහැල්ලු බෑග් / බීම බට සහ ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු වැනි දෑ භාවිතය තවදුරටත් කපා හැරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීමයි එහි අරමුණ වන්නේ.

පරිසර සංවිධාන මීට ප්‍රසාදය පළකර ඇති අතර තවත් වසර 03 ක් බලා නොසිට අනෙක් ප්ලාස්ටික් වර්ගද තහනම් කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

යෝජිත නව සැළසුමට අනුව මාස 06 ක් ඇතුළත ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් වනු ඇති.

මාස 12 ක් ඇතුළත ප්ලාස්ටික් බීම බට – ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු සහ කොට්න් බඩ් භාවිතය අත්හැරිය යුතු වනවා.

ප්‍රාන්ත පරිසර අමාත්‍ය Matt Kean පැවසුවේ ඉවතලන ආහාර වැනි අපද්‍රව්‍ය බැහැර කිරීමට සෑම නිවසකටම ප්‍රතිචක්‍රීකරණ බඳුනක් සැපයීමටද පියවර ගන්නා බවයි.

මේ සඳහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 336 ක්.

Pic Credit: MORGAN SETTE/AAPIMAGE

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »