ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කෙරෙන යෝජනාව සම්මතයි

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ගැනීම විශේෂත්වයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ.

කෙසේවෙතත් යෝජනාවට අදාළව කිසිදු මන්ත්‍රීවරයෙකු විරුද්ධ නොවීම හේතුවෙනුයි එම යෝජනාව ඒකමතිකව සම්මත කල බව කථානායකවරයා සභාවට දන්වා සිටියේ.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »