ප්‍රාන්ත හතරක ප්‍රදේශ සඳහා total fire ban පණවයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතරක ප්‍රදේශ සඳහා මේ වනවිට total fire ban පණවා තිබෙනවා.

සිඩ්නි උෂ්ණත්වය ඊයේ පස්වරුවේ සෙල්සියස් අංශක 35.6 ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ අනුව 1961 දී සහ 2009 දී ඔක්තෝබර් 01 වන දින වාර්තා වු ඉහළම උණුසුම වන සෙල්සියස් 33.1 වාර්තාව බිඳ දැමුණු බව සඳහන්.

මේ වනවිට දකුණු ඔස්ට්‍රේලියාව, වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකට දැඩි සුළං සහ ලැව්ගිනි අනතුරු ඇගවීම් නිකුත් කර අවසන්.

අවධානම් ප්‍රදේශවල ජනතාවට තම වාසස්ථානවලින් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ලැව්ගිනි මේ වනවිට මධ්‍යස්ථ මට්ටමේ පවතින අතර, අහිතකර දුමෙන් ඈත් වීසිටින ලෙස ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.