ජනමත විචාරණ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට

ස්වදේශික හඩ ජනමත විචාරණයට අදාළව පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වනවා.

ඒ අනුව වික්ටෝරියා – බටහිර ඔස්ට්‍රේලියා – Northern Territory සහ ටස්මේනියා හි පූර්ව ඡන්ද ප්‍රකාශය අද සිට ක්‍රියාත්මකයි.

අද පොදු නිවාඩු යෙදී ඇති නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ට්‍රේලියා සහ ACT ප්‍රාන්ත වල පූර්ව ඡන්ද ප්‍රකාශය ආරම්භ වන්නේ හෙට (03) දිනයේදීයි.

මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අසීරු ඕනෑම අයෙකුට පූර්ව ඡන්දය ප්‍රකාශ කල හැකියි.

එමෙන්ම ඔක්තෝබර් 11 වනදා පස්වරු 06 දක්වා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමටද අවස්ථාව පවතිනවා.

විදේශගතව සිටින ඔස්ට්‍රේලියානුවන්ටද අදාළ රටවල පිහිටි තානාපති කාර්යාල – මහ කොමසාරිස් කාර්යාල හෝ කොන්සියුලර් කාර්යාල වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කල හැකියි.