හෘද සහ පිළිකා සැත්කම් නතර කරන බවට පුද්ගලික රෝහල් අනතුරු අගවයි

හෘද සහ පිළිකා සැත්කම් වැනි ඇතැම් වැදගත් සත්කාරක සේවා ලබාදීම නතර කිරීමට සිදුවිය හැකි බවට ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කිහිපයක් අනතුරු අගවා තිබෙනවා.

ඉහළ යන වියදම් සහ උග්‍ර සේවක හිගය ඊට ප්‍රධාන හේතු ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජයේ පොදු රෝහල්වල පවතින දැඩි තදබදය හමුවේ පුද්ගලික රෝහල් වෙත යොමුවන රෝගීන්ගේ ඉහළ යාමක්ද මේ වනවිට දක්නට ලැබෙනවා.

එවැනි තත්වයකදී පුද්ගලික රෝහල් විසින් ඇතැම් සේවා සීමා කිරීමෙන් රෝගීන්ට දැඩි දුෂ්කරතා එල්ලවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඇතැම් පුද්ගලික රෝහල් විසින් දැනටමත් දැඩි සත්කාර ඒකක සේවා සඳහා සීමා පණවා ඇති බවද පැවසෙනවා.