සිඩ්නි Opal කාඩ්පත් ගාස්තු ඉහළ දැමීම කල් යයි

ලබන මාසය ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතවු සිඩ්නි නගරයේ Opal කාඩ්පත් ගාස්තු ඉහළ දැමීම තාවකාලිකව කල් දමා තිබෙනවා.

කොවිඩ් සමයට පෙර පැවති තත්වයට පොදු ප්‍රවාහනය මෙතෙක් පත් නොවීම සහ ප්‍රවේශ පත්‍ර ක්‍රමයට ගෙන ඒමට නියමිත සංශෝධන ඊට හේතුවයි.

මේ අනුව බොහෝ දුරට මෙම වසර අවසානය වනවිට සිඩ්නි පොදු ප්‍රවාහන ගාස්තු වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පසුගිය වසරේදී Opal ගාස්තු ඉහළ දමනු ලැබුවේ සියයට 03 ක අගයකිනුයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ MyKi ගාස්තුද ලබන 01 වනදා සිට දිනකට ඩොලරයකට ආසන්න අගයකින් ඉහළ දැමීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »