වික්ටෝරියාවේ පුද්ගලික පාසල් ගාස්තු වැඩි කිරීමට සැරසෙයි

පාසල් ගාස්තු වැඩි කිරීමට සිදුවන බවට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික පාසල් කිහිපයක් විසින් අනතුරු අගවා තිබෙනවා.

එසේ නොමැතිනම් ඇතැම් අධ්‍යයන පාඨමාලා කප්පාදු කිරීමට සිදුවන බවටයි ඔවුන් දන්වා ඇත්තේ.

වික්ටෝරියා පුද්ගලික පාසල් සඳහා ලබාදී තිබූ බදු සහන කිහිපයක් මෙවර අයවැයෙන් ඉවත් කෙරුණා.

එය පාසල් 130 කට අදාළ වන අතර ඉදිරි වසර 03 තුළදී ඩොලර් මිලියන 422 ක ආදායමක් මේ හරහා උපයා ගැනීමට අපේක්ෂිතයි.

මෙම අමතර වියදම පියවා ගැනීම සඳහායි පාසල් ගාස්තු ඉහළ දැමීමට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික පාසල් කිහිපයක් තීරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »