රියදුරන්ගේ වැරදි නිසා ක්වීන්ස්ලන්ඩ් රජයට $ මිලියන ගණනක ආදායමක්

රථවාහන වැරදි සිදුකරන රියදුරන් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් පසුගිය වසරේදී උපයාගෙන ඇති දඩ මුදල ඩොලර් මිලියන 274.5 ක් බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ගතවූ මාස 12 දී අයකර ඇති දඩ මුදල් ප්‍රමාණයේ වැඩිවීම සියයට 36 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

මෙලෙස දඩ මුදල් සීඝ්‍රයෙන් ඉහළගොස් ඇත්තේ ජංගම දුරකථන භාවිතය සහ වැරදි සහගත ලෙස ආසන පටි පළඳින රියදුරන් හඳුනාගැනීම සඳහා නිරීක්ෂණ කැමරා යොදාගැනීමට ප්‍රාන්ත රජය පියවර ගැනීමත් සමගයි.

එම වැරදි දෙක සඳහාම ඩොලර් 2000 ඉක්මවූ දඩ ක්වීන්ස්ලන්ඩ් හිදී නියම කල හැකි වනවා.

මේ අනුව අදාළ ආදායම දිනකට ඩොලර් 752,000 ක් හෙවත් විනාඩියකට ඩොලර් 500 ක් පමණ වනවා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »