ජනවාරියේදී ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ් මගින් $ බිලියන 33.5 ක භාණ්ඩ මිළදී ගනී

ජනවාරි මාසයේදී ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ඩොලර් බිලියන 33.5 ක වාර්තාගත භාණ්ඩ මිළදී ගැනීමක් සිදුකර තිබෙනවා.

එය පසුගි වසරේ අදාළ කාලසීමාව හා සැසඳීමේදී සියයට 17 ක් හෙවත් ඩොලර් බිලියන 4.9 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

දැනට ඔස්ට්‍රේලියාව තුළ භාවිත වන ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව මිලියන 13 ඉක්මවා ඇති බව Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙනවා.

පවතින ආර්ථික වාතාවරණය යටතේ අඩු පොළී අනුපාතිකයක් සහිත ක්‍රෙඩිට් කාඩ් වෙත යොමුවීමේ නැඹුරුවක් දක්නට ඇති බවද සඳහන්.

ඒ හරහා සමස්ත ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.1 ක පමණ මුදලක් වසරකදී ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »