ඔස්ටේ්‍රලියාවේ අනාගතය අද ලංකාව තීරණය කරයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ඔස්ටේ්‍රලියාවේ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක තරගය අද සිඩ්නි හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙම තරගය සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ටේ්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

එංගලන්තය ජයගතහොත් එංගලන්තයේ සහ ඔස්ටේ්‍රලියාවේ ප්‍රසාද ළකුණු සමාන වන බැවින් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී එංගලන්තයට වැඩි වාසියක් පවතින්නේ ඔවුන් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවීම හේතුවෙනුයි.

පළමු කාණ්ඩයෙන් නවසීලන්තය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.