ඔස්ටේ්‍රලියාවේ ආයතන කිහිපයකින් නව රැකියාවක් සමග $ 10,000 ක බෝනස්

සේවක හිගය මගහරවාලීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ව්‍යාපාර ආයතන විසින් ඩොලර් 10,000 ක උපරිමයක් දක්වා වන ප්‍රසාද දීමනා පිරි නැමීමට සූදානම් වනවා.

ඉන් බහුතරය retail සහ hospitality අංශවල ව්‍යාපාර බව සඳහන්.

වසර 48 කට පසු අඩුම විරැකියා අනුපාතය ඔස්ටේ්‍රලියාව මේ වනවිට වාර්තා කර තිබෙනවා.

එසේ තිබියදීත් ඇතැම් අංශවල දැඩි සේවක හිගයක් නිර්මාණය වී ඇත්තේ කොවිඩ් තත්වයද හේතුවෙනුයි.

ඒ අනුව නව සේවකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මෙලෙස ප්‍රසාද දීමනා පිරිනැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රසිද්ධ ආයතන කිහිපයක සේවක පුරප්පාඩු පහත පරිදියි.

Coles – 4000

McDonalds – 8000

Guzman Y Gomez – 1500

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »