අගමැතිගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් ඉටු කල නොහැකි වන ළකුණු

මැතිවරණ සමයේදී පොරොන්දු වු පරිදි විදුලි බිල් ගාස්තු අඩු කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස්ට හැකියාවක් නොලැබෙනු ඇති බවට වාර්තා පළවනවා.

උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ විදුලි උත්පාදන පිරිවැය ඉහළයාම හේතුවෙන් ගාස්තු අඩු කිරීමක් සිදුකල නොහැකි වීම ඊට හේතුවයි.

විදුලි සමාගම් කිහිපයක් විසින් දැනටමත් පවසා ඇත්තේ ලබන පළමුවනදා සිට ගාස්තු වැඩි කිරීමක් සිදුකරන බවටයි.

විශේෂයෙන් මිළදී ගැනීම් අත්හිටුවීමත් සමග සිඩ්නි ඇතුලු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද මේ වනවිට විදුලි කප්පාදු අවධානමක් උද්ගතවී තිබෙනවා.

එබැවින් විදුලි ගාස්තු අඩු කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස්ට හැකියාවක් නොලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »