මොරිසන් – ඇල්බනීස් දෙවන විවාදය අද

තවත් දින 13 කින් පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර දෙවන විවාදය අද පැවැත්වෙනවා.

රාත්‍රී 08.45 සිට ඔස්සේ එය විකාශය කිරීමට නියමිතයි.

පළමු විවාදයෙන් වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත්වූයේ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසිනුයි.

ආර්ථිකය ඇතුලු කරුණු රැසක් කෙරෙහි අද විවාදයේදී නායකයන් දෙදෙනා අදහස් පළකිරීමට නියමිතයි.

මේ අතර මාතෘ සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩපිළිවල රැසක් හඳුන්වාදීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා.

IVF ක්‍රමයට දරු උපත් අපේක්ෂා කරන මව්වරුන් සඳහා අවශ්‍ය පහසුකම් සැළසීම වෙනුවෙන් ඩොලර් මිලියන 14 ක මුදලක් වෙන් කරන බවයි අදට යෙදී ඇති මව්වරුන්ගේ දිනයට සමගාමීව අගමැතිවරයා නිවේදනය කලේ.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »