සියලු ටෙනිස් ක්‍රීඩකයින් ගැන ඔස්ට්‍රේලියාව දැඩි විමසිල්ලෙන්

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණෙන සියලු ටෙනිස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව ඕස්ට්‍රේලියාව අද නිවේදනය කළා.

ඒ, ඔවුන්ගේ වීසා බලපත්‍රවල ගැටළු ඇත්දැයි සොයා බැලීම සදහායි.

මෙම ප්‍රශ්නය මතුවුයේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ නොදීමේ සිද්ධිය සමගයි.

ජොකොවික් කොවිඩ් එන්නත්කරණය ඇතුළු ඔස්ට්‍ර්ලියාවට ඇතුළුවීමට අදාළ කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් ඔහුගේ වීසා අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගත්තේ.

ඔස්ට්‍ර්ලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජනවාරි 17 වනදා ආරම්භ වනවා.

නොවැක් ජොකොවික් අවස්ථා 9 කදී  එහි ශූරතාව දිනාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »