ලොව මිල අධිකම ක්‍රිකට් පිත්ත ඔස්ටේ්‍රලියාවේ

ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ඔස්ටේ්‍රලියාවෙන් බිහිවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්තක් පත්ව තිබෙනවා.

ඒ මාර්ගගත ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500 කට වෙන්දේසි වීමත් සමඟයි.

මෙම ක්‍රිකට් පිත්ත වර්ෂ 1934 දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිත කර තිබෙනවා.

මෙම ක්‍රිකට් පිත්තේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි පසුපස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් සටහනක් තබා තිබීමයි.

එහි සඳහන් වන්නේ හෙඩිංලි හිදී ලබාගත් ලකුණු 304 සහ ඕවල් ක්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 244 පිලිබඳවයි.

මෙය ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව තිබෙනවා.

https://www.watoday.com.au/sport/cricket/bradman-triple-century-bat-sells-for-almost-250-000-20211214-p59hji.html