Day: February 10, 2022

නාසයට යොදන කොවිඩ් එන්නත ඔස්ටේ්‍රලියාව තුළ අත්හදා බැලේ

ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයන් විසින් නාසයට ස්ප්‍රේ කල හැකි කොවිඩ් එන්නතක අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. එය සාර්ථක වුවහොත් එන්නත්කරණ වේගය ඉහළ නැංවීමට – වියදම් අඩු කර ගැනීමට සහ සංවර්ධිත රටවලට වැඩි වශයෙන් එන්නත් ලබාදීමට හැකි වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. මෙම අධ්‍යයන සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ඩොලර් ලක්ෂයක මූල්‍යාධාරයක්ද පිරිනමා තිබෙනවා. වෛද්‍යවරයෙකු නොමැතිව තමන්ටම එය නාසයට විදගත හැකි වීම විශේෂත්වයක්. https://7news.com.au/news/coronavirus/australian-scientists-investigate-nasal-spray-vaccine-set-to-be-covid-19-game-changer-c-5626513

Read More »

වික්ටෝරියා Code Brown හමුවේ මාතෘ හා ළමා සායන අවධානම් තත්වයක

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ක්‍රියාත්මක Code Brown තත්වය හමුවේ මාතෘ හා ළමා සායන අවධානම් තත්වයකට පත්ව ඇතැයි වාර්තා වනවා. එම සායන ප්‍රමුඛතා ලැයිස්තුවට යටත් නොවීම හමුවේ අවධානම අඩුවීම ඊට හේතුවයි. හදිසි සහ අත්‍යවශ්‍ය සැත්කම් වැනි දෑ සඳහා අවධානය යොමුවීමත් සමග මාතෘ සහ ළමා සායනවල නිරන්තර පරීක්ෂා කිරීම්ද ප්‍රමාද වී තිබෙනවා. එය ළදරුවන්ට මෙන්ම ගැබිණි මව්වරුන්ට යහපත් තත්වයක් නොවන බවයි වික්ටෝරියා සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර සිටින්නේ. එබැවින් හදිසි අවශ්‍යතා ඇත්නම් වහා GP වෙත යොමුවන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා. https://www.9news.com.au/national/maternal-and-child-health-checks-victoria-code-brown-growing-fears-suspending-child-maternal-health-checks/0078dc61-60cd-4d4b-89e7-cef385920305

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් ලෙස ඇස්ට්‍රාසෙනෙකා භාවිත කිරීමටද අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව භාවිත කිරීමටද TGA විසින් කොන්දේසි සහිත අනුමැතිය දී තිබෙනවා. කෙසේවෙතත් 03 වන මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගත හැකිනම් වඩාත් සුදුසු බවටයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට බූස්ටර් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත යොදාගත හැකි බවයි TGA විසින් පෙන්වා දෙන්නේ. බූස්ටර් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා යොදාගන්නේ නම් ඒ සඳහා පළමුවෙන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ලබාගැනීම අනිවාර්ය වනවා. පළමු සහ දෙවන මාත්‍රා ලෙස කුමන එන්නතක් ලබාගෙන

Read More »