Day: September 21, 2021

Update: ඉදි කිරීම් සේවක විරෝධතාව ප්‍රචණ්ඩ වෙයි – අවම බලය යොදන බවට අනතුරු ඇගවෙයි

විරෝධතා නතර නොකරන්නේ නම් අවම බලය යොදා විසුරුවා හරින බවට වික්ටෝරියා පොලිසිය විසින් උද්ඝෝෂණයේ නිරත ඉදි කිරීම් සේවකයන්ට අනතුරු අගවා තිබේ. විරෝධතාකරුවන් විසින් වික්ටෝරියා පාර්ලිමේන්තුව / මෙල්බර්න් CBD ඇතුලු නගරයේ ස්ථාන රැසක් අවහිර කරමින් ගමන් කරමින් සිටීම ඊට හේතුවයි. ඔවුන් පන්දම් දල්වමින් කළහකාරීව හැසිරෙන බවටද වාර්තා පළවේ. ආයුධ සන්නද්ධව සහ ගෑස් මුහුණු ආවරණ සහිතව පොලිස් නිළධාරීන් සිය ගණනක් මෙල්බර්න් වීථි වල සිටින බවද සඳහන්. https://twitter.com/NearyTy_9/status/1440119788613685251?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440119788613685251%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fviolent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says%2F50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd   Source : https://www.9news.com.au/national/violent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says/50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd pic – Getty

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1023 ක් / මරණ 10 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (20) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1023 ක් වාර්තා වි තිබේ. දැනට 1266 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 244 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 10 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 311 කි. https://twitter.com/NSWHealth/status/1440119230641278980?s=20

Read More »

මෙල්බර්න් ඉදි කිරීම් සේවකයන් අඛණ්ඩව දෙවන දිනයටත් විරෝධතාවල

අඛණ්ඩව දෙවන දිනයටත් ඉදි කිරීම් සේවකයන් මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා පවත්වමින් සිටී. Elizabeth Street පිහිටා ඇති CFMEU කාර්යාලය ඇතුලු තදාසන්න ස්ථාන කිහිපයක 150 කට ආසන්න පිරිසක් රැස්ව සිටින බව සඳහන්. කැරළි මර්දන පොලිස් නිලධාරීන්ද අදාළ ස්ථානයට කැඳවා තිබේ. ඉදි කිරීම් සේවකයන්ගේ ඉල්ලීම වන්නේ ලබන 23 වනදා සිට කොවිඩ් මර්දන එන්න්ත අනිවාර්ය කර ඇති නියමය ඉවත් කරන ලෙසයි. මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ දිනක කොවිඩ් රෝගීන් ගණන 600 සීමාවද ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 603 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 කි. ඊයේ දිනයේදී (20) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,829 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා40,811ක් ලබා දී තිබේ. Reported yesterday: 603 new local cases and 0 cases acquired overseas. – 40,811 vaccines administered – 48,829 test results received

Read More »

Dandenong රෝහල නැවත වරක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Dandenong රෝහල නැවත වරක් කොවිඩ් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ඒ පසුගිය 17 වනදා කොවිඩ් ආසාධිතයෙකු එහි හදිසි අංශයට පැමිණ සිටීම හේතුවෙනුයි. Dandenong හි කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව පහතින්

Read More »