Day: July 17, 2021

Lockdown 02 දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 19 ක්

Lockdown තත්වය ආරම්භ වී 02 දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබේ. ඊයේ හඳුනාගත් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. මේ අනුව ප්‍රාන්තයේ සක්‍රීය ආසාධිතයන් ගණන 54 දක්වා ඉහළ යයි. https://twitter.com/VicGovDH/status/1416167798472994816?s=20  

Read More »

වික්ටෝරියා කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 100 කට ආසන්න වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව 100 කට ආසන්න වී තිබේ. එමෙන්ම පළමු පෙළ හා දෙවන පෙළ ආශ්‍රිතයන් 6500 ක් පමණ මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ. මේ අතර ප්‍රාන්තයේ කොවිඩ් පරීක්ෂණ ස්ථාන සංඛ්‍යාව වැඩි කර ඇති අතර ඒවා විවෘතව තබන කාලවේලාවන්ද දීර්ඝ කර ඇත. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36 කි.   Pic – Getty

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට තෑග්ගක්

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඔස්ටේ්‍රලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදාගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සඳහන් කළේ. මෙම නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 5.38 ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

Read More »