ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට තෑග්ගක්

සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඔස්ටේ්‍රලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා.

නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදාගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි සඳහන් කළේ.

මෙම නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 5.38 ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතයි.

2015 වසරේදී සවිකර, මේ වන විට අක්‍රීයව පවතින මෙවැනි සම්ප්‍රේෂක 1,250 ක් බහු දින යාත්‍රා සතු වනවා.

එම යන්ත්‍ර යාවත්කාලීන කිරීමට සහාය වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »