Day: June 12, 2021

ඔස්ටේ්‍රලියාවෙන් ලෝකයට එන්නත් කෝටි 02 ක්

කොවිඩ් එන්නත් ලබා ගැනීමට අපහසු රටවලට එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලබාදීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබේ. අගමැති ස්කොට් මොරිසන් මහා බි්‍රතාන්‍යයේ දී මේ බව නිවේදනය කලේය. ලොව ධනවත් රටවල් හෙවත් G7 රටවල රාජ්‍ය නායක හමුව ආරම්භවීමට නියමිත අතර එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට මාත්‍රා බිලියනයක් සැපයීමට එකගතාවයකට එළැඹෙනු ඇතැයි සඳහන්. 2022 වසරේ මැද භාගය වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලියන 20 සැපයීමයි ඔස්ටේ්‍රලියාව සැළසුම වන්නේ. එම මාත්‍රා ෆයිසර් – ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්වලින් සමන්විත වනු ඇති.

Read More »