ඔස්ටේ්‍රලියාවෙන් ලෝකයට එන්නත් කෝටි 02 ක්

කොවිඩ් එන්නත් ලබා ගැනීමට අපහසු රටවලට එන්නත් මාත්‍රා මිලියන 20 ක් ලබාදීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබේ.

අගමැති ස්කොට් මොරිසන් මහා බි්‍රතාන්‍යයේ දී මේ බව නිවේදනය කලේය.

ලොව ධනවත් රටවල් හෙවත් G7 රටවල රාජ්‍ය නායක හමුව ආරම්භවීමට නියමිත අතර එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවලට මාත්‍රා බිලියනයක් සැපයීමට එකගතාවයකට එළැඹෙනු ඇතැයි සඳහන්.

2022 වසරේ මැද භාගය වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලියන 20 සැපයීමයි ඔස්ටේ්‍රලියාව සැළසුම වන්නේ.

එම මාත්‍රා ෆයිසර් – ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්වලින් සමන්විත වනු ඇති.

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් ප්‍රමාණයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාද පසුගියදා ඔස්ටේ්‍රලියා විදේශ අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කලේය.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »