Day: April 29, 2021

මාතර හෝටලයක ගැටුම : ධනුෂ්ක ගුණතිලක වසරක් උපදේශන ක්‍රියාවලියකට

පසුගියදා මාතර හෝටලයකදී ගැටුම්කාරී සිද්ධියකට හේතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ව වසරක කාලයක් සඳහා උපදේශන ක්‍රියාවලියකට යොමුකළ යුතු බව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබේ. එසේම එම ක්‍රීඩකයාගේ හැසිරීම වෘත්තීමය නොවන බවත් එය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු නොවන තත්ත්වයක් බවත් එම කමිටුව පවසයි. කමිටුව හෙළිකර ගත් කරුණු සහ නිර්දේශ මත එම ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුව අවවාද කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

Read More »

එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවෙන් 02 වන මරණයත් වාර්තා වෙයි

COVID-19 එන්නත මාත්‍රාවක් ලබා දින කිහිපයකට පසු 55 හැවිරිදි පුද්ගලයෙකු ටැම්වර්ත් රෝහලේදී හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. රෝහල් කාර්ය මණ්ඩලය විස්තර කර ඇති පරිදි ඔහුගේ පෙණහලුවල “දැවැන්ත” රුධිර කැටියක් ඇතිවිය. එන්නත සහ ඔහුගේ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති නමුත් තවමත් විමර්ශනය කරමින් පවතී. මෙම පුද්ගලයාට ලැබුණ එන්නත කුමක්ද යන්න පැහැදිලි නැත. එන්නතක් ගැනීමෙන් පසු සති 02 ක් තුළ ඔස්ටේ්‍රලියාවේදී වාර්තා වූ 02 වන මරණය මෙයයි.

Read More »