මාතර හෝටලයක ගැටුම : ධනුෂ්ක ගුණතිලක වසරක් උපදේශන ක්‍රියාවලියකට

පසුගියදා මාතර හෝටලයකදී ගැටුම්කාරී සිද්ධියකට හේතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ව වසරක කාලයක් සඳහා උපදේශන ක්‍රියාවලියකට යොමුකළ යුතු බව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව තීරණය කර තිබේ.

එසේම එම ක්‍රීඩකයාගේ හැසිරීම වෘත්තීමය නොවන බවත් එය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තු නොවන තත්ත්වයක් බවත් එම කමිටුව පවසයි.

කමිටුව හෙළිකර ගත් කරුණු සහ නිර්දේශ මත එම ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුව අවවාද කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තිය ගෙනෙන මෙන්ම අවංකත්වය, සදාචාරය, සාධාරණත්වය සහ ක්‍රීඩාශීලීත්වය උල්ලංඝනය වන කිසිම ක්‍රියාවක නොයෙදෙන ලෙසද ඔහුට අවවාද කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »