Day: March 25, 2021

ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමගයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ. මෙය තාවකාලික පියවරක් පමණක් වුවද ලබන අප්‍රේල් මාසය අවසන්වන තෙක් එම තීරණය බලාත්මක වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. කොවැක්ස් පහසුකම යටතේ එන්නත අපේක්ෂාවෙන් සිටි රටවල් 190 කට පමණ මෙමගින් බලපෑම් එල්ලවනු ඇතැයිද සඳහන්.

Read More »

ඉන්දියාවෙන් ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක්

ඉන්දියාවෙන් ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් හමු වී තිබේ. අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි. ඉන්, 736 ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොරෝනා ප්‍රභේදයට අයත් ය. තවත් සාම්පල 34 කින්, දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය හමු වී ඇත. බ්‍රසීලයෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය සහිත සාම්පලයක් ද ඊට ඇතුළත් ය. ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග එම පරීක්ෂණ සිදු කර තිබුණි. ඉන්දීය රජය පවසන්නේ, නව ආසාදිතයින් වාර්තා වීම

Read More »