ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් රැසක දැනට භාවිත කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එරට තුළ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඉදිරි සතිවල එන්නතට ඇති ඉල්ලුම ඉහළ යනු ඇති බවට තක්සේරු කිරිමත් සමගයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

මෙය තාවකාලික පියවරක් පමණක් වුවද ලබන අප්‍රේල් මාසය අවසන්වන තෙක් එම තීරණය බලාත්මක වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කොවැක්ස් පහසුකම යටතේ එන්නත අපේක්ෂාවෙන් සිටි රටවල් 190 කට පමණ මෙමගින් බලපෑම් එල්ලවනු ඇතැයිද සඳහන්.

ඉන්දියාවේ එන්නත් නිපදවන විශාලතම ආයතනය වන පූනේ හි පිහිටා ඇති සීරම් ආයතනයද පසුගිය දින කිහිපයේදී මහා බි්‍රතාන්‍යය – බ්‍රසීලය ඇතුලු රටවල් කිහිපයකට එන්නත් අපනයනය කිරීම ප්‍රමාද කර තිබුණා.

මේ වනවිට රටවල් 76 කට ඉන්දියාව විසින් ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව කෝටි 06 කට අධිකයි.

ඊයේ දිනයේදී ඉන්දියාව තුළ කොවිඩ් ආසාධිතයන් 47 000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබූ අතර එය මෙම වසරේදී එරටින් සටහන්වූ වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යාවයි.

වයස අවුරුදු 45 ට වැඩි සියල්ලන් සඳහා ලබන පළමුවනදා සිට එන්නත්කරණය ආරම්භ කිරීමටයි ඉන්දීය රජය සැළසුම් කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »