Day: December 2, 2021

වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවේ වැඩිම වර්ෂාපතනය සහිත නොවැම්බර් මාසය මෙම වසරේ

වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවේ සටහන්වූ වැඩිම වර්ෂාපතනය සහිත නොවැම්බර් මාසය මෙම වසරේදී වාර්තා වී තිබෙනවා. සාමාන්‍ය නොවැම්බර් මාසයකදී ලැබෙන වර්ෂපාතනය මෙන් දෙගුණයක් මෙවර ලැබී ඇති බවයි කාළගුණ අංශ පෙන්වා දෙන්නේ. මෙවර ග්‍රීෂ්ම සෘතුව උෂ්ණාධික බවින් අඩුවනු ඇතැයිද අධික වර්ෂාපතනයන් සහ සිසිල් කාළගුණයකින් සමන්විත වනු ඇති බවටද අනාවැකි පළවනවා. මීට හේතුවී ඇත්තේ ඔස්ටේ්‍රලියාවට දැනට බලපා ඇති ලා නිනා නම් දේශගුණ විපර්යාස තත්වයයි. ඊයේ දිනයේදී පැවති ධාරාණිපාත වර්ෂා කාළගුණය හමුවේ මෙල්බන් නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යටවී

Read More »

සයිබර් අපරාධ – මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ අයට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහනම්

සයිබර් අපරාධකරුවන්ට – මානව හිමිකම් කඩ කරන්නන්ට සහ විවිධ දූෂිත පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහනම් කෙරෙන නව නීතියක් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී අද විවාදයට ගැනෙනවා. ඊට සෙනෙට් සභාවේදී ඊයේ පස්වරුවේ අනුමැතිය හිමිවුණා. මේ අනුව ජාත්‍යන්තර සාමයට තර්ජනයක් වන මෙන්ම බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම වළක්වාලමින් සම්බාධක පැණවීමට ෆෙඩරල් රජයට බලතල හිමිවනු ඇති. අමෙරිකාව ඇතුලු රටවල් 33 කද මේ හා සමාන නීති ක්‍රියාත්මක වනවා. මානව හිමිකම් කඩ කිරීම් සහ සයිබර් අපරාධවලට සම්බන්ධ රුසියානු

Read More »

මව්බිමට සල්ලි යවන ඔබට සුභ ආරංචියක් – සෑම ඩොලරයකටම වැඩිපුර රු 10 ක්

මෙම මාසය තුළදී ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් 10 ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා බැංකු ඇතුලු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් යටතේ රුපියල්වලට මාරු කරන ඩොලර් සඳහා මෙම වරප්‍රසාදය හිමිවනු ඇති. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින විදේශ විනිමය ගැටලුවට පිළියමක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේද ඔස්සේ එවනු ලබන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමනු ලබන බව මහ

Read More »