Day: September 20, 2021

MELBOURNE VICTORIA

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 567 ක් හමුව ඇත. එක් මරණයක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,675 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 50,915 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,939ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1439723962632597512?s=20

Read More »

ලොව විශාලතම මෝරුන් කළමණාකරණ වැඩපිළිවෙල NSW වෙරළ තීරවල

ලොව විශාලතම මෝරුන් කළමණාකරණ වැඩපිළිවෙල නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මුහුදු තීරවල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මිනී මෝරුන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට නියමිතව ඇත. එළඹෙන ග්‍රීෂ්ම සෘතුව (Summer) ට පෙර මෙය ආරම්භ කෙරෙන බවයි නිවු සවුත් වේල්ස් නියෝජ්‍ය අගමැති John Barilaro සඳහන් කලේ. Tweed සිට Bega Valley දක්වා මුල් අධියරේදී ඩ්‍රෝන කැමරා යෙදවීමට නියමිතය. ග්‍රීෂ්ම සෘතුවේදී අති විශාල පිරිසක් නිවු සවුත් වේල්ස් වෙරළ තීරයන්ට පැමිණීමත් සමග මෝරුන්ගේ ප්‍රහාරවලට ගොදුරුවීම සුළභ

Read More »

නත්තල් සාප්පු සවාරි දැන්ම ආරම්භ කරන ලෙස ඔස්ටේ‍රලියා පාරිභෝගිකයන්ට දැනුම් දීමක්

නත්තල් උත්සවයට මාස 03 ක පමණ කාලයක් ඇතත් නත්තල් සාප්පු සවාරි දැන්ම ආරම්භ කරන ලෙස ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සියල්ලම පාහේ පාරිභෝගිකයන්ට දන්වා සිටී. කොවිඩ් තත්වය හමුවේ රටවල් රැසක සංචරණ සීමා ක්‍රියාත්මක වීම හමුවේ ගෝලීය සැපයුම් ජාලවල අඩාලවීමක් පැවතීමයි ඊට හේතුව වන්නේ. නත්තල් සමය සමීපවීමත් සමග විවිධ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ඉහළයාම හමුවේ ඇතැම් භාණ්ඩවල හිගයක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා. ලොව පුරා බොහෝ ගුවන් තොටුපළ සහ වරායන් හි මෙහෙයුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමත් මීට

Read More »