Search

Day: March 22, 2025

බලශක්ති සමාගමකට ලොකු දඩයක් – වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

වික්ටෝරියා හි බලශක්ති නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියා සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක් නියම වී තිබෙනවා.

ඩොලර් මිලියන 17.6 ක් ගෙවීමට Origin Energy සමාගමටයි වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

සිය පාරිභෝගිකයන් 655,000 කට අධික ගණුදෙනුකරුවන්ට “best offer” පිළිබඳ දැනුම්දීමක් සිදුකර නොමැතිවීම ඔවුන්ට එරෙහි එක් චෝදනාවක් වනවා.

ගෙවීම් දුෂ්කරතා ඇති පාරිභෝගිකයින් 6,800 කට පමණ සහයෝගය ලබාදීමට අපොහොසත්වීම ද Origin Energy සමාගමට එරෙහි තවත් චෝදනාවක්.

ගණුදෙණුකරුවන් 78 දෙනෙකුගෙන් අධික මුදලක් අය කිරීම සහ මාස 4 ක පසු-බිල්පත්පත් සීමාව ඉක්මවූ ගණුදෙණුකරුවන් 411 දෙනෙකුගෙන් අඩු මුදලක් අයකර ගැනීම සම්බන්ධයෙන් ද ඔවුන් වරද පිළිගෙන ඇති බව සඳහන්.
Origin Energy සමාගමට එරෙහි මෙම නඩු තීන්දුව ඔස්ට්‍රේලියාවේ සියලුම බලශක්ති සමාගම්වලට වැදගත් පණිවිඩයක් බවයි අත්‍යවශ්‍ය සේවා කොමිසම් සභාව පවසන්නේ.

මේ අතර Origin Energy සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා මෙම සියලු උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහිනයට පාර කියන දිනය අදයි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration

Read More »