Day: January 9, 2022

“බයිලා රජු” ඩෙස්මන්ඩ් සිල්වා මෙල්බන් හිදී අභාවප්‍රාප්ත වෙයි

බයිලා රජු ලෙස නම් දරා සිටි ප්‍රවීණ ගායක ඩෙස්මන්ඩ් සිල්වා ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවරදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 77 වන වියෙහි පසුවුණා. හෘදයාබාධයක් හේතුවෙනුයි ඔහු මියගොස් ඇත්තේ. සිඩ්නි නුවර වාසය කල ඩෙස්මන්ඩ් සිල්වා ප්‍රසංග කිහිපයකට සහභාගීවීම සඳහායි මෙල්බන් නුවර වෙත පැමිණ තිබුණේ. යමං බණ්ඩො වෙසක් බලන්න – චූඩා මාණිකේ – පොල්කටු හැන්දෙ මිට වගේ ආදී ජනප්‍රිය වේග රිද්ම ගී රැසක් ඔහු විසින් ගායනා කර තිබුණා.

Read More »
MELBOURNE VICTORIA

වික්ටෝරියා වසංගත අවධානම තවත් මාස 03 කට දීර්ඝ කරයි

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වසංගත අවධානම් තත්වය තවත් මාස 03 කට දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රිය තෙක් එය බලාත්මක වනු ඇති. සති කිහිපයකට පෙර වික්ටෝරියා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද වසංගත පාලන පණත යටතේ පණවන ලද වසංගත තත්වය ලබන බදාදා රාත්‍රී 12 ට අවසන්වීමටයි නියමිත වූයේ. එහෙත් දැනට ප්‍රාන්තය පුරා පැතිර ඇති ඔමික්‍රොන් ප්‍රභේදයේ අවධානමත් සමග තවත් මාස 03 කට එම තත්වය දීර්ඝ කිරීමට තීරණය කල බව වික්ටෝරියා සෞඛ්‍ය ඇමති

Read More »

කොවිඩ් වැළඳී දින 30 ක් තුළ යළි ආශ්‍රිතයෙකු වුවහොත් නිරෝධායනයක් අවශ්‍ය නෑ – වික්ටෝරියා සෞඛ්‍ය අංශ

කොවිඩ් ආසාධනය වී දින 30 ක් ඇතුළත නැවත වරක් ආශ්‍රිතයෙකු බවට පත්වුවහොත් නැවත වරක් නිරෝධායනය වීමට හෝ කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය නොවන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එම දින 30 කාලය තුළදී රැකියා – අධ්‍යාපනය හෝ වෙනත් අවශ්‍යතා සඳහා පිටතට යාම සඳහා ද කිසිදු අවහිරයක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ. නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමේ විශේෂ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මකයි. එවැනි ආසාධිතයෙකු ඒ බව දැනුම්දීමෙන් පසු පිළිතුරු ලෙස යොමු

Read More »

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් 99,651 ක්

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් 99,651 ක් වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳ සමස්ත විස්තරය පහත පරිදියි. NSW: 30,062 cases and 16 deaths; 1,927 people in hospital, including 151 in ICUs Victoria: 44,155 cases and 4 deaths; 752 people in hospital, including 104 in ICUs Queensland: 18,000 cases and no deaths; 402 people in hospital, including 22 in ICUs South Australia: 4,506 cases and 1 death; 176 people in hospital including 18 in ICU ACT: 1,039 cases and no

Read More »