Day: December 31, 2021

නවසීලන්තයට 2022 වසර උදා වෙයි

නවසීලන්තයට 2022 වසර උදා වුණා. 2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුණා. කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ මෙවරත් නවසීලන්ත ජාතිකයන්ට නව වසර උදාව අති විශාල සහභාගීත්වයකින් තොරවයි සැමරීමට සිදුවූයේ. තවත් පැය 02 කින් මෙල්බන් – සිඩ්නි නගර වෙත 2022 වසර උදාවනවා.

Read More »

මෙල්බන් පාසලක ගින්නක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ Sunshine West පාසලේ හටගත් ගින්නකින් එහි ගොඩනැගිල්ලක් මුලුමණින්ම විනාශ වී තිබෙනවා. අද අලුයම 03 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ. ගින්නට හේතුව මේ දක්වා තහවුරු වී නොමැති බව වික්ටෝරියා ගිනි නිවීම් අංශ කියාසිටියා. ගින්න හමුවේ ඇතිවූ දුමාරය තවමත් පවතින බව ද සඳහන්. https://www.9news.com.au/national/victoria-school-fire-a-school-hall-has-been-destroyed-by-a-fire-in-melbourne-west/281d1fc0-db0b-4c6a-aaca-f325edbd1d94

Read More »

සිඩ්නි වැටලීමකදී $ 660,000 ක මුදල් – මත්ද්‍රව්‍ය සහ ගිණි අවි පොලිසිය භාරයට

ඩොලර් 660,000 ක් පමණ වටිනා මුදල් – කොකේන් – අයිස් මත්ද්‍රව්‍ය සහ ගිණි අවි තොගයක් සිඩ්නි නගරයේ සිදුකල වැටලීමකදී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකුද සිය භාරයට ගත් බවයි නිවු සවුත් වේල්ස් පොලිසිය සඳහන් කලේ. කාන්තාවකද ඒ අතර වනවා. මෙම පිරිසට එරෙහිව චෝදනා 75 ක් ගොණු කරන බවයි පොලිසිය කියාසිටියේ. SOURCE : https://www.9news.com.au/national/nsw-police-six-charged-after-four-firearms-660000-dollars-cash-illicit-drugs-and-a-vehicle-seized-in-sydney-southwest/a4d2661a-4b7d-421d-85f3-102ac3f408dd  

Read More »

සමීප ආශ්‍රිතයන් සම්බන්ධ නව පරීක්ෂණ ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක්

කොවිඩ් ආසාධිතයන්ගේ සමීප ආශ්‍රිතයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන නිරෝධායන සහ පරීක්ෂණ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කලා. ඒ අනුව ඔවුන් දින 07 ක් පමණක් හුදකලාව සිටීම ප්‍රමාණවත් වනු ඇති. 06 වන දිනයේදී සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සෘණාත්මක වුවහොත් 07 වන දිනයේදී නිරෝධායනයෙන් ඉවත්වීමට ඔවුන්ට අවස්ථාව පවතිනවා. කිසියම් අයුරකින් එහිදී ඔවුන් නොඑසේනම් කොවිඩ් ධනාත්මක බව හෙළිවුවහොත් වහා පී සී ආර් පරීක්ෂණයකට ලක්විය යුතු වනවා. එහිදීද ධනාත්මක යැයි හෙළිවුවහොත් තවත් දින 07 ක් හුදකලාව සිටිය

Read More »

ඔස්ටේ්‍රලියා පිතිකරුවෙකුට කොවිඩ් – මුලු කණ්ඩායමටම කොවිඩ් පරීක්ෂා

ඔස්ටේ්‍රලියා පිතිකරු ට්‍රැවිස් හෙඩ් හට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. ඒ අනුව සිඩ්නි හිදී ආරම්භවීමට නියමිත 04 වන ටෙස්ට් තරගයට ඔහු සහභාගී නොවන බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ. මේ සමගම ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් – පවුල්වල සාමාජිකයන් සහ සහය කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ පී සී ආර් සහ රැපිඩ් පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා. මෙල්බන් නුවර පැවති එංගලන්තයට එරෙහි අලු බඳුන 03 වන ටෙස්ට් තරගයේදී ට්‍රැවිස් හෙඩ් ළකුණු 152 ක් රැස්කලා. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ

Read More »