Day: December 30, 2021

දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් ආසාධිත අවුරුදු 02 ට අඩු දරුවෙකු මියයයි

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිත වයස අවුරුදු 02 ට අඩු දරුවෙකු මියගොස් තිබෙනවා. එම මරණයට නිශ්චිතම හේතුව කොවිඩ් ද නොඑසේ නම් වෙනත් කරුණක්ද යන්න පිළිබඳ විමසා බැලෙමින් ඇති බවයි ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ. ඊයේ දිනයේදී දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් සටහන්වූ ආසාධිතයන් ගණන 1374 ක්. මේ දක්වා දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් මරණ 06 ක් වාර්තා වී තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාධනය වී දින 10 කින් පසු රෝග ලක්ෂණ නොමැති නම් හුදකලා භාවයෙන් ඉවත්වීමට ප්‍රාන්තවාසීන්ට අවසර දී තිබෙනවා. https://www.abc.net.au/news/2021-12-30/sa-records-1374-new-covid-cases/100730992

Read More »

බූස්ටර් මාත්‍රාව ලබාදිම ගැන කිසිදු ගැටලුවක් නැතැයි ෆෙඩරල් රජය කියයි

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදිම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා. කොවිඩ්19 කාර්ය සාධක බලකා අණදෙන නිළධාරී ලුතිතන් ජනරාල් Frewen පැවසුවේ දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 03 ක් ලබාදීමට ඉතිරිව පවතින බවයි. ජනවාරි මුල් සති 02 තුළදී තවත් මාත්‍රා මිලියන 06 ක් බෙදා හැරීමට නියමිත බවද ඔහු කියාසිටියා. ඊටත් අමතරව තවත් මාත්‍රා මිලියන 16 ක් බෙදා හැරීමට සැළසුම් කර ඇති බවයි අණදෙන නිළධාරීවරයා ප්‍රකාශ කලේ. ඔහු මේ බව සඳහන් කලේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය

Read More »

මෙල්බන් Chemist Warehouse අලෙවි සැලකට මෝටර් රථයක් කඩා වැදී 02 කට තුවාල

මෙල්බන් රිච්මන්ඩ් ප්‍රදේශයේ  Chemist Warehouse අලෙවි සැලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රියදුරු සිහිය නොමැතිව රථය තුළ සිරවී සිටි අතර ඔහු මුදා ගැනීමට Fire Rescue Victoria විසින් කටයුතු කර තිබේ. තුවාල ලැබූ රියදුරා 20 හැවිරිදි වන අතර කාන්තාව 50 හැවිරිදි වියෙහි පසුවනවා. ඔවුන් දෙදෙනාගේ තත්වය අසාධ්‍ය නොවන බව පොලිසිය කියා සිටී. SOURCE : https://www.9news.com.au/national/two-injured-after-car-crashes-into-melbourne-chemist-warehouse-shop/5456df38-3a64-4121-9db0-20cc334c82e2

Read More »

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 05 ක හුදකලා නීතිවල වෙනසක්

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට එරෙහිව කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීමට අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඇතැම් ප්‍රාන්තවල වාර්තාවන ආසාධිතයන් ගණන තවමත් ඉතා පහළ මට්ටමක පැවතීම මෙහිදී අවධානයට යොමුකල බවයි අගමැති මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ. මේ අනුව සමීප ආශ්‍රිතයෙකු යන අර්ථකථනය ප්‍රාන්ත වශයෙන් වෙන් වෙන්ව හැඳින්වෙනු ඇති. නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – දකුණු ඔස්ටේ්‍රලියා සහ ACT ප්‍රාන්ත සඳහා අද මධ්‍යම රාත්‍රියේ

Read More »

රැපිඩ් කට්ටල අධික මිළකට අලෙවි කරන පුද්ගලයන්ට දැඩි පියවර

රැපිඩ් ඇන්ටිජන් කට්ටල අධික මිළකට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ෆෙඩරල් රජය අනතුරු අගවනවා. ඉල්ලුම ඉහළ යාමත් සමග ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීම හමුවේ රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිගයක් ඇති බවටයි වාර්තා පළවන්නේ. ඒ අනුව ඇතැම් පිරිස් නියමිත මිළට වඩා දෙගුණයකටත් වැඩි මුදලකට ඒවා අලෙවි කරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ. මෙම තත්වය වහා වැළැක්විමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කලා. සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ප්‍රමාණවත් පරිදි රැපිඩ් කට්ටල ලබාදීමට පියවර ගෙන

Read More »