Day: December 28, 2021

PHOTOS : තනිවම ලොව වටා සංචාරයක නිරත ලාබාලතම තරුණිය ශ්‍රී ලංකාවට

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා සංචාරයක නිරත වන ලාබාලතම තරුණිය වන සාරා රදෆර්ඩ් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඇයගේ සැහැල්ලු ගුවන් යානය ගොඩබස්වනු ලැබුවේ රත්මලාන ගුවන් තොටුපලටයි. ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් ලොවවටා සංචාරයේ නිරත මෙම තරුණිය පසුගිය අගෝස්තු මස 13 වනදා බෙල්ජියමෙන් ගමන් ආරම්භ කළා. එතැන් සිට අමරිකාව – බ්‍රිතාන්‍යය – රුසියාව ඇතුලු රටවල් 19 ක සංචාරය කිරීමෙන් පසුවයි සාරා රදෆර්ඩ් සිය සංචාරයේ මීළග නැවතුම්පොල ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. සැහැල්ලු ගුවන් යානයකින් තනිවම

Read More »

වික්ටෝරියා නැගෙනහිර Gippsland ප්‍රදේශයේ සුලු භූ චලනයක්

වික්ටෝරියා නැගෙනහිර Gippsland ප්‍රදේශයේ සුලු භූ චලනයක් හටගෙන තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 2.8 ක් ලෙසයි. අද පස්වරු 03.24 ට වාර්තාවූ මෙම චලනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 03 ක් ගැඹුරින් වාර්තාවී ඇති බවයි භූ විද්‍යා අංශ සඳහන් කලේ. කෙසේවෙතත් මෙමගින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නැහැ. මෙල්බන් නගරයට මීට මාස 03 කට පමණ ප්‍රබල භූමිකම්පාවක්ද හටගෙන තිබුණා. https://twitter.com/vicsesnews/status/1475694810799300608?s=20

Read More »

NSW ගැබිණි කාන්තාවන්ට කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල රැඳී සිටීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිසිදු ගැබිණි කාන්තාවකට කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල රැඳී සිටීම අත්හිටුවා තිබෙනවා. ප්‍රමුඛතා මංතීරුවක් මගින් ඔවුන්ට කඩිනමින් පරීක්ෂණය කරගත හැකි බවයි ප්‍රාන්ත අගමැති Dominic Perrottet දන්වා සිටින්නේ. කොවිඩ් පරීක්ෂණ පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවීම හමුවේ ගැබිණි කාන්තාවන් මුහුණපාන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ. NSW සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසන පරිදි ක්වීන්ස්ලන්තයට පැමිණෙන සංචාරකයින්ගේ අවශ්‍යතාවක් ලෙස නම් කර ඇති PCR පරීක්ෂණ සිදුකරගැනීම සඳහා පෝලිම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන

Read More »

මැතිවරණයේදී අගමැති මොරිසන් ට දරුණු පරාජයක් අත්වනු ඇතැයි තවත් සමීක්ෂණයක් කියයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී අගමැති ස්කොට් මොරිසන් ප්‍රමුඛ පාලක සන්ධානයට දරුණු පරාජයක් අත්වනු ඇති බවට තවත් සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා. Newspoll විසින් සිදුකරන ලද මෙම කාර්තුවට අදාළ සමීක්ෂණයේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ. ගතවූ දින කිහිපය පුරා කම්කරු පක්ෂය විසින් ඔවුන්ගේ ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස ඉහළ දමාගෙන ඇති බව මෙහිදී හෙළි වුණා. එමෙන්ම වත්මන් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් බහුතර ආසන 80 කට වඩා හිමි ශක්තිමත් රජයක් පිහිටුවනු ඇති බවද Newspoll සමීක්ෂණය හෙළිකර තිබෙනවා. වික්ටෝරියා හැර

Read More »

සිඩ්නි ශාන්ත වින්සන්ට් රෝහලේ වැරදි වාර්තා නිකුත් කර තිබූ 950 න් 486 ක් කොවිඩ් ආසාධිතයන්

සිඩ්නි නුවර ශාන්ත වින්සන්ට් රෝහලේ වැරදි කොවිඩ් පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබූ 950 කට ආසන්න පිරිසෙන් 486 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබෙනවා. පසුගිය 22-23 සහ 24 යන දිනවලදී කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකල පිරිසකුයි මෙලෙස ආසාධිතයන් බවට තහවුරු වී ඇත්තේ. මෙම රෝහලෛන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල පරීක්ෂාවට ලක්වූ 400 කට අධික පිරිසකටද ඔවුන් ආසාධිතයන් වී ඇතත් එසේ නොමැති බවට දෝෂ සහිත කෙටි පණිවිඩ යොමුකර තිබුණා. මේ අනුව St Vincent රෝහලෙන් කොවිඩ් පරීක්ෂණ

Read More »