Day: December 27, 2021

පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 10,000 ඉක්මවයි

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 6324 ක් / වික්ටෝරියාවෙන් 1999 ක් ඇතුලුව සමස්ත රටෙන්ම 10,200 ක පමණ ආසාධිතයන් පිරිසක් සටහන්වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 784 ක් – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 842 ක් – ACT ප්‍රාන්තයෙන් 189 ක් – ටස්මේනියාවේ 35 ක් සහ Northern Territory හි 12 ක් හා බටහිර ඔස්ටේ්‍රලියාවේ එක් අයෙකුද ඊයේ ආසාධිතයන්

Read More »

ලාංකිකයන්ට විදේශිකයන් හා විවාහ වීමේදී නව රෙගුලාසි

විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය ලේඛන පිළිබඳව පැහැදිලි කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශීය ජාතිකයෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේ දී එම විදේශීය පාර්ශ්වය වෙතින් ලබාගත් පහත සඳහන් ලේඛන මත පදනම්ව විවාහය ලියාපදිංචි කිරීම මෙතෙක් පැවති ක්‍රමය විය. වලංගු විදේශ ගමන් බලපත්‍රය සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාවය අනුව දික්කසාද ලියකියවිලි / වැන්දඹු බව සනාථ කිරීමේ

Read More »

සිඩ්නි – මෙල්බන් සිට ක්වන්ටාස් ගුවන් ගමන්වල වෙනසක්

A380 වර්ගයේ ගුවන් යානා නැවතත් භාවිතයට යෙදවීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ වසර 02 ක විරාමයකට පසුවයි. මේ අනුව ලබන 11 වනදා සිට සිඩ්නි – ලොස් ඇන්ජලීස් ගුවන් මාර්ගය සඳහා A380 වර්ගයේ ගුවන් යානා යොදවන බවයි ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කලේ. කෙසේවෙතත් ගුවන් යානා නියමුවන් සඳහා අනිවාර්ය නිරෝධායන රෙගුලාසි අනුව ගුවන් වාර සංඛ්‍යාව අඩු කිරීමටද නියමිතයි. ඒ අනුව දැනට දිනපතා ක්‍රියාත්මක සිඩ්නි – ලොස් ඇන්ජලීස් ගුවන් වාරය සතියකට වාර 04 ක් දක්වා අඩු

Read More »

නිවු සවුත් වේල්ස් QR කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ QR කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්ය වනවා. ඒ අනුව සිල්ලර වෙළඳසැල් – ස්ථාන ආදී වෙත ඇතුලුවීමේදී එය අනිවාර්ය බවයි ප්‍රාන්ත අගමැති සඳහන් කලේ. shopping centres වෙත යන පුද්ගලයන් ප්‍රධාන පිවිසුමේදී පමණක් එය සිදුකල යුතු අතර සෑම වෙළඳසැලකදීම කේත භාවිතය අවශ්‍ය වන්නේ නැහැ. මේ අතර ක්වීන්ස්ලන්ඩ් වෙත ඇතුලුවන පුද්ගලයන් සඳහා රැපිඩ් පරීක්ෂණය පමණක් ප්‍රමාණවත් කිරීමේ රෙගුලාසිය ඉදිරි පැය 48 තුළදී හඳුන්වාදෙන බව ප්‍රාන්ත අගමැතිනිය පවසනවා. එමගින් දැනට පවතින දිගු පෝලිම්

Read More »

MCG ටෙස්ට් තරගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහයකයන් 04 කට කොවිඩ්

ඔස්ටේ්‍රලියා තරග සංචාරයක නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. කෙසේවෙතත් කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි තහවුරු වී ඇත්තේ. අලුබඳුන තරගාවලියේ 03 වන ටෙස්ට් තරගය මෙල්බන් නුවරදී පැවැත්වෙන අතර එහි 02 වන දිනය අදයි. මේ අතර සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත 04 වන ටෙස්ට් තරගයත් 05 වන තරගය පැවැත්වීමට නියමිත 05 වන තරගයත් අවලංගු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්වී තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි

Read More »