Day: December 24, 2021

CBSL

ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5% යි – සෝමාලියාවටත් ඉහලයි

tradingeconomics වෙබ් අඩවිය අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහළ ගොස් තිබේ. එය ලෝකයේ 16 වන ස්ථානය වන අතර ආසියානු කලාපයේ දී 06 වන ස්ථානය වෙයි. එම ලයිස්තුව ශ‍්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිටි, නයිජීරියාව ආදී රටවලටද වඩා ඉහළිනි. මෙම ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල 11.1% උද්දමන අනුපාතයට යාවත්කාලීන නොකරමිනි. ලයිස්තුව : https://tradingeconomics.com/country-list/food-inflation

Read More »

IS ත්‍රස්ත සැකකරුවෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 34 හැවිරිදි සැකකරු අයි එස් සංවිධානයට පවා සම්බන්ධ අයෙකු බවටයි හෙළිකරගෙන ඇත්තේ. අන්තර්ජාලය හරහා මෙම තැනැත්තා ත්‍රස්තවාදයට අනුබල දෙන ලේඛණ ගණනාවක් බෙදා හැර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොහුට පොලිස් ඇප දීම ප්‍රතික්ෂේප වී ඇති අතර හෙට දිනයේදී Parramatta අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති. 2016 වසරේ සිටම මොහු කෙරෙහි අවධානයකින් පසුවූ බව නිවු සවුත් වේල්ස් පොලිස් බළධාරීන් සඳහන් කලා. https://www.9news.com.au/national/man-arrested-caringbah-nsw-to-face-terror-charges/63f52bd5-de70-4617-b9f5-371f0111392b

Read More »

බූස්ටර් ගැන ප්‍රධාන වෛද්‍ය නිළධාරිගෙන් ඉල්ලීමක්

බූස්ටර් එන්නත් ලබා ගැනීමට ජනතාව වඩාත් උනන්දු විය යුතු බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය. ජනවාරි 04 වනදා සිට බල පැවැත්වෙන පරිදි දෙවන මාත්‍රාව ලබාගෙන මාස 04 ක් ගතවු අයටද 03 වන මාත්‍රාව ලබාගැනීමට ඖෂධ අධිකාරිය විසින් අනුමැතිය දී ඇති බවයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් නිවේදනය කලේ. ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය මාස 4 කට අඩු කෙරේ. දැනට මෙම කාලසීමාව පවතින්නේ මාස 05

Read More »

ACT එන්නත්කරණ ප්‍රතිශතය සියයට 99 කට ආසන්න වෙයි

ACT ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 99 කට ආසන්න වී තිබෙනවා. මේ වනවිට එය සටහන් වන්නේ සියයට 98.5 ක් ලෙසයි. කෙසේවෙතත් කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ACT ප්‍රාන්තයෙන් එක් දිනයකදී සියය ඉක්මවා කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම අද සටහන් වුණා. අද එම ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාධිතයන් ගණන 102 ක්. මේ අතර ලබන 28 වනදා ලිහිල් කිරීමට නියමිත වූ දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි ලබන වසර දක්වා පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එම ප්‍රාන්තයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයන් 688 ක්

Read More »