Day: December 23, 2021

වසර 100 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේ උණුසුම අධිකම නත්තල මෙවර බවට අනාවැකි

වසර 100 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේ උණුසුම අධිකම නත්තල මෙවර උදාවනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා. විශේෂයෙන් බටහිර ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක 42 ක වැනි ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බව කාළගුණ අනාවැකියේ සඳහන්. මෙවර නත්තල් දිනයේදී එක් එක් ප්‍රධාන නගරවල උෂ්ණත්වය පහත පරිදි සටහන් වනු ඇති. සිඩ්නි – සෙල්සියස් අංශක 29 ක උපරිමයක් මෙල්බන් – සෙල්සියස් අංශක 14-21 ක උපරිමයක් බ්‍රිස්බන් – සෙල්සියස් අංශක 29 ක උපරිමයක් පර්ත් – සෙල්සියස් අංශක 42 ක

Read More »

පර්ත් සහ Peel නගරවලත් මුව ආවරණ අනිවාර්ය කෙරේ – තවත් සීමා කිහිපයක්

ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවීමත් සමග පර්ත් සහ පීල් නගර වෙත කොවිඩ් රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා. ඒ අනුව අද පස්වරු 06 සිට ලබන 28 වනදා අලුයම 06 දක්වා ප්‍රාන්තයේ සියලුම පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වනවා. රැකියා ස්ථාන – පොදු ප්‍රවාහනය – රෝහල් – වෙළඳ සංකීර්ණ සහ සියලුම hospitality ස්ථාන මීට අයත්. පුද්ගලික නිවාස තුළදී පමණක් මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවනු ඇති. සියලුම සමාජ ශාලා නැවත දැනුම් දෙන

Read More »

වික්ටෝරියා සියලු පොලිස් නිළධාරීන් සඳහා taser උපකරණ ලබාදීමට තීරණය කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම පොලිස් නිළධාරීන් සඳහා taser උපකරණ ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. නොසන්සුන් සිදුවීම් පාලනයට එමගින් වැඩි හැකියාවක් ලැබෙනු ඇති බවයි ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ. විරෝධතා පාලනයට යන වික්ටෝරියා පොලිස් නිළධාරීන් අතුරින් බහුතරයක් සතුව ඇත්තේ බැටන් – ගිනි අවිය සහ ගම්මිරිස් දියර විදිනය පමණයි. tasers ලබාදීම හරහා ඔවුන්ගේ කටයුතු තවත් පහසු වනු ඇති බවයි වික්ටෝරියා පොලිස් ඇමති Lisa Neville පෙන්වා දෙන්නේ. උද්ඝෝෂකයන් හා සමීපවීමකින් තොරව ඔවුන් පාලනයටද මෙමගින් හැකිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට NSW ගෘහස්ථ කටයුතුවලදීද මුව ආවරණ භාවිතය අනිවාර්ය කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදීද මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා. ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් 5000 ඉක්මවා ආසාධිතයන් වාර්තාවීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. එමෙන්ම ලබන 27 වනදා සිට සියලුම Hospitality ස්ථාන නැවතත් වර්ගමීටර 02 නීතියට යටත්වනු ඇති. ප්‍රාන්ත අගමැති Dominic Perrottet නිවේදනය කලේ එදින සිට QR codes භාවිතයද යළිත් අනිවාර්ය බවයි. ලබන ජනවාරි 27 වනදා දක්වා මෙම රෙගුලාසි බලාත්මක වනු ඇති. පසුගිය 16 වනදා සිට මේ දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීම සඳහා රැපිඩ් පරීක්ෂණය වුවද පිළිගැනීමේ යෝජනාවක්

ජනවාරි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය වුවද ප්‍රමාණවත් බවට පිළිගැනීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් ලබාගනිමින් ඇති බවත් නිවාස තුළදි එම පරීක්ෂණ සිදුකල හැකි ආකාර පිළිබඳ තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලා. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ඇතුලුවීමේදී සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා. මේ වනවිට අනෙකුත් ප්‍රාන්තවල කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානවල හටගෙන ඇති දැඩි තදබදයට ප්‍රධාන හේතුව එය බවටයි චෝදනා එල්ල වන්නේ. කෙසේවෙතත් එම චෝදනා තරයේ

Read More »