Day: December 17, 2021

ක්වීන්ස්ලන්ඩ් – ටස්මේනියා සිට එන අයට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා දැඩී කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා. ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය මැදි අවදානම් කලාපයක් ලෙසත් ටස්මේනියා ප්‍රාන්තය අඩු අවදානම් කලාපයක් ලෙසත් නම් කෙරෙන බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan අද නිවේදනය කලේ. ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සිට බටහිර ඔස්ටේ්‍රලියා දක්වා පැමිණෙන පුද්ගලයන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු අතර පැමිණි පසු දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි. ටස්මේනියා සිට බටහිර ඔස්ටේ්‍රලියා දක්වා එන පුද්ගලයන්

Read More »

“මොඩ් ගොවියා” ට වාරණයක්

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය. අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ (අරුණ ලියාන්) විසින් පැමිණිල්ල ඉදිරිපත් කළේය. එය විභාග කිරීමෙන් අනතුරුව අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනාට එරෙහිව එම වාරණ නියෝගය නිකුත්

Read More »

ටස්මේනියා ඛේදවාචකයෙන් මියගිය දරුවන් 05 දෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත

ටස්මේනියා පාසලේ ඊයේ සිදුවූ ඛේදවාචකයෙන් මියගිය දරුවන් 05 දෙනාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඔවුන් ; Zane Mellor (12) Jye Sheehan (12) Jalailah Jayne-Maree Jones (12) Peter Dodt (12) Addison Stewart (11) ලෙස හඳුනාගෙන ඇත. ළමුන් 05 දෙනෙකුට මරු කැඳවමින් ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා. අනතුරට තුඩුදුන් වාතය පුරවන ලද ක්‍රීඩා මාළිගය නිසි ලෙස භූමියට සවිකර තිබුණේ දැයි එහිදී සොයා බලන බවයි ටස්මේනියා ප්‍රාන්ත පොලිසිය සඳහන්

Read More »

Just In : නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා එන ජාත්‍යන්තර සංචාරකයන්ට තවත් සහනයක්

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ජාත්‍යන්තර සංචාරකයන් සඳහා බල පැවැත්වෙන පැය 72 ක නිරෝධායනය නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා. බොහෝ දුරට නත්තල ට පෙර එම සංශෝධනය හඳුන්වා දෙනු ඇති බව සඳහන්. මේ අනුව ඔමික්‍රොන් ප්‍රභේදය හඳුනා ගැනීමට පෙර ජාත්‍යන්තර සංචාරකයන් පැමිණිවිට අනුගමනය කිරීම සඳහා එම ප්‍රාන්ත විසින් සැළසුම් කර තිබූ රෙගුලාසි තත්වයට පත්වීමක් අපේක්ෂා කෙරෙනවා. දැනට සැළසුම් කර ඇත්තේ ලබන 21 වනදා සිට නිවු සවුත් වේල්ස්

Read More »

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය 90% ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිස 90% මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. ඒ පිළිබඳ අගමැති මොරිසන් ඔස්ට්‍රේලියානුවාසීන්ට සුබ පැතුම් පිරි නමා තිබෙනවා. ඔහු අවධාරණය කලේ නැවතත් lockdown කිරීම්වලට යා නොහැකි බවයි. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1510 ක් හමුව ඇත. මරණ 07 ක් ද වාර්තා විය​. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (16) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 2,213 ක් වාර්තා වි තිබේ.

Read More »