Day: December 10, 2021

දේශ සීමා විවෘත කිරීම යළිත් කල් යයිද ? අගමැතිගෙන් අමුතු කථාවක්

වලංගු වීසා බලපත් හිමියන්ට නත්තල් සමය වනවිට අනිවාර්යයෙන්ම ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. දෙසැම්බර් 01 වනදා විවෘත කිරීමට නියමිතවූ ඔස්ටේ්‍රලියා දේශසීමා විවෘත කිරීම ලබන 15 වනදා දක්වා කල්ගියේ දැනට පවතින ඔමික්‍රෝන් වෛරස් අවධානම හේතුවෙනුයි. අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරුණු බවයි අගමැතිවරයා කියාසිටියේ. ඒ අනුව දැනට සැළසුම් කර ඇති පරිදිම ලබන 15 වනදා දේශ සීමා විවෘත කරන්නේද නොඑසේනම් එම දිනය යළිත් කල් දමන්නේද පිළිබඳ

Read More »

කොවිඩ් නිවාඩු වෙනුවෙන් සිදුකරන ගෙවීම් ක්‍රමවේදයට සංශෝධන

කොවිඩ් තත්වය හමුවේ ලබාගන්නා නිවාඩු වෙනුවෙන් සිදුකරන ගෙවීම් ක්‍රමවේදයේ සංශෝධන කිහිපයක් සිදුකිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්වයං නිරෝධායනයේ නිරත වන – හුදකලාව සිටින හෝ වෙනත් කොවිඩ් ආසාධිතයෙකු රැකබලා ගන්නා අයෙකුට රැකියාවට පැමිණිමට නොහැකිවීම වෙනුවෙන් දින 07 ක් සඳහා ඩොලර් 750 ක දීමනාවක් වෙනුවෙන් අයදුම් කල හැකියි. කලින් පැවතියේ අනිවාර්යයෙන් දින 14 ක් එලෙස සිටීමෙන් පසු ඩොලර් 1500 ක දීමනාවක් සඳහා අයදුම් කිරීමයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන් වෙනුවෙන් නිරෝධායන කාල වකවානු සංශෝධනයට එක්

Read More »
MELBOURNE

මෙල්බන් සමාජයෙන් ඔමික්‍රොන් ආසාධිතයන් 02 ක් හමුවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් සමාජ සම්ප්‍රේෂණය සහිත ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අනුව ප්‍රාන්තයෙන් හමුවූ නව ප්‍රභේදය ආසාධිතයන් ගණන 03 දක්වා ඉහළ යනු ඇති. පළමුවැන්නා හමුවූයේ හෝටල් නිරෝධායනයෙන් බැවින් ඔහුගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව ඉතා අල්ප මට්ටමකයි පවතින්නේ. එහෙත් සමාජ සම්ප්‍රේෂණයෙන් අද වාර්තා වූ ආසාධිතයන් දෙදෙනාගේ අවධානම ඉහළ බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. මොවුන් දෙදෙනාම පසුගිය 30 වනදා ඩුබායි සිට මෙල්බන් පැමිණ ඇති බව සඳහන්. https://www.9news.com.au/national/coronavirus-victoria-update-two-further-omicron-cases-found-in-community/2a4c349e-e9e6-4672-b781-e3b356e2765c

Read More »

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි සිනමාවට සමුදෙයි

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු”  ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 73 වන වියෙහි පසුවිය. ඔහුගේ මුල්කාලීන සිනමා නිර්මාණ සියල්ල අතිසාර්ථකව ප්‍රදර්ශන කාලය දින 100 ඉක්මවූ බැවින් “සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු” ලෙස හැඳින්විණි. යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම

Read More »

childcare ගාස්තු සඳහා සුභවාදී ආරංචියක්

childcare ගාස්තු සඳහා සුභවාදී ආරංචියක් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් අද ප්‍රකාශයට පත් කලා. ඒ අනුව මෙතෙක් ඩොලර් 10,655 ක් ලෙස පැවති සහනාධාර මුදලේ උපරිම අගය (cap) ඉවත් කෙරෙනු ඇති. 2021/22 යන මූල්‍ය වර්ෂය පුරාම මෙය බලාත්මක වන අතර කිසියම් පවුලක් විසින් අදාළ මුදලට අමතරව ගාස්තුවක් ගෙවා ඇත්නම් එම අතිරේක මුදල ඔවුන්ට යළි ගෙවීමට නියමිතයි. පවුල් 18,000 ක පමණ දෙමව්පියන්ට යළිත් සේවයට වාර්තා කර වැඩි පැය ගණනක් සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් රජය විසින්

Read More »