Day: December 8, 2021

කොවිඩ් එන්නත නොගත් බටහිර ඔස්ටේ්‍රලියා සේවකයන් ගැන තොරතුරු එළියට

නියමිත දිනය වනවිට කොවිඩ් මර්දන එන්නත ගැනීමට නොහැකි වූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සේවකයන් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 1900 කට වැඩි පිරිසක් අවම වශයෙන් එක් එන්නතක් හෝ පසුගිය පළමුවනදා වනවිට ගෙන නොමැති බවයි තහවුරු කරගෙන ඇත්තේ. බටහිර ඔස්ටේ්‍රලියාවේ අත්‍යවශ්‍ය සේවා කාණ්ඩ කිහිපයක සේවකයන්ට පසුගිය පළමුවනදා වනවිට පළමු මාත්‍රාව හෝ ගෙන තිබීම අනිවාර්ය කර තිබුණා. ඔවුන්ට දෙවන මාත්‍රාව ගැනීමේ අවසාන දිනය ලෙස නම් කර තිබුණේ දෙසැම්බර් 31 වනදායි. එමෙන්ම සුපිරි වෙළඳසැල් සේවකයන් –

Read More »

ඔස්ටේ්‍රලියාවට එන්න ඉන්න අයට අගමැතිගෙන් සුභදායක ආරංචියක්

දැනට සැළසුම් කර ඇති පරිදි ලබන 15 වනදා ජාත්‍යන්තර දේශ සීමා විවෘත කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. මේ අනුව Travel exemption එකක් නොමැතිව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට වලංගු වීසා බලපත් හිමියන්ට අවසර හිමිවනු ඇති. දෙසැම්බර් 01 වනදා සිට ඔස්ටේ්‍රලියාවේ ජාත්‍යන්තර දේශ සීමා විවෘත කිරීමටයි මීට පෙර සැළසුම් කර තිබුණේ. එහෙත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හමුවේ එය 15 වනදා දක්වා කල් දමනු ලැබුවා. කොවිඩ් තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොහැකි වී සිටි 233,000 ක පමණ වලංගු වීසා බලපත් හිමියන්

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලෙස මොඩර්නා එන්නතටද අනුමැතිය

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව හෙවත් 03 වන මාත්‍රාව ලෙස භාවිත කිරීම සඳහා මොඩර්නා එන්නතටද අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් එන්නත ලෙස මොඩර්නා ද භාවිත කල හැකි බවටයි ඖෂධ පරිපාලන අධිකාරිය දන්වා ඇත්තේ. මේ දක්වා ඔස්ටේ්‍රලියාව 03 වන මාත්‍රාව ලෙස භාවිත කරනු ලැබුවේ ෆයිසර් එන්නත පමණයි. දෙවන එන්නත් මාත්‍රාව ලබාදී මාස 06 ක් ගතවීමෙන් පසු 03 වන මාත්‍රාව ලබාදීමටයි මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ. එමෙන්ම ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත වයස අවුරුදු

Read More »

මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් Google සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන්ම Search කල දෑ මෙන්න

ගෙවී යන වසරේ ඔස්ටේ‍රලියානුවන් විසින් Google සෙවුම් යන්ත්‍රයේ වැඩි වශයෙන්ම සොයා බලන ලද දෑ පිළිබඳ වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි මුල් ස්ථාන 07 ම හිමිවී ඇත්තේ ක්‍රීඩා ඉසව් සඳහායි. ඒ අනුව NBA – AFL – විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සහ ඔලිම්පික් වැනි වදන් වැඩි වශයෙන් සෙවීමට ලක්වී තිබෙනවා. ක්ලියෝ ස්මිත් දැරියගේ අතුරුදන්වීම – කොවිඩ් වසංගතය සහ මෙල්බන් භූමිකම්පාව පිළිබඳවද ඔස්ටේ‍රලියානුවන් දැඩි අවධානයක් යොමුකර තිබූ බවයි අන්තර්ජාල සෙවුම් දත්තවල දැක්වෙන්නේ. මීට අමතරව මුහුණු ආවරණ නිසි

Read More »