Day: December 7, 2021

ACT හි Skilled Visa දෙසැම්බර් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙන්න

ACT හි 190 සහ 491 වීසා සඳහා දෙසැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු නිකුත් කර තිබේ. මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත. කෙසේවෙතත්, Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇත. මෙවර ACT වෙතින් ආරාධනා පත්‍ර තොරතුරු පහත පරිදි වේ. Canberra Matrix Invitation Round: 6 December 2021 Matrix nominating Small Business Owners 190

Read More »

නවසීලන්ත Offshore නේවාසික වීසා අයදුම්පත් සළකා බැලීම යළි ඇරඹේ

කොවිඩ් තත්වය හමුවේ සළකා බැලීම අත්හිටුවන ලද නේවාසික වීසා අයදුම්පත් 2300 ක් පමණ සළකා බැලීම Immigration New Zealand විසින් ආරම්භ කර තිබෙනවා. දැනට නවසීලන්තයේ නොමැති එහෙත් විදේශයන්හි සිට නවසීලන්ත ස්ථිර පදිංචිය අපේක්ෂා කරන පුද්ගලයන් විසින් එවන ලද අයදුම්පතුයි මෙලෙස සළකා බැලීම ආරම්භ කර ඇත්තේ. මෙහිදී අනුමත වන අයදුම්කරුවන්ට ලබන වසරේදී නවසීලන්ත දේශසීමා පූර්ණව විවෘත කිරීමෙන් අනතුරුව රටට පැමිණිමට අවස්ථාව උදාවනවා. ලබන මාසයේ සිට නවසීලන්තය අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීම ආරම්භ කිරීමට නියමිත අතර එහිදී

Read More »

එන්නත නොගත් පුද්ගලයන්ට ලබන 17 දා සිට ක්වීන්ස්ලන්ඩ් ස්ථාන රැසකට ඇතුලුවීම තහනම්

කොවිඩ් මර්දන නොගත් පුද්ගලයන්ට ලබන 17 වනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ස්ථානවලට ඇතුලුවීම තහනම් කර තිබෙනවා. රාජ්‍ය ආයතන වන පුස්තකාල – කෞතුකාගාර – ඓතිහාසික ස්ථාන සහ කලාගාර සඳහාද එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට ඇතුලුවීමට අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම ව්‍යාපාරික ස්ථාන ගණනාවකට සියයට සියයක ධාරිතාවය යටතේ පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමටද අවසර හිමිවනු ඇති. එම ස්ථාන නම්, cafés, restaurants, pubs, clubs, RSL clubs, taverns, function centres, bars, wineries, distilleries, microbreweries, nightclubs, live music venues, karaoke bars, concerts,

Read More »

මෙල්බන් ආ අයෙකු ඔමික්‍රොන් ආසාධිත බවට සැකයක්

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ ජාන විශ්ලේෂණය ආරම්භ කර ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. නෙදර්ලන්තයේ සිට අබුඩාබි හරහා මෙල්බන් පැමිණි අයෙකු කොවිඩ් ආසාධිත බවටයි තහවුරු වී ඇත්තේ. පසුගිය 3 වනදා ඔස්ටේ්‍රලියාවට පැමිණි ඔහු මේ වනවිට හෝටල් නිරෝධායනයේ යෙදී සිටිනවා. මෙම තැනැත්තාට වැළඳී ඇත්තේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට බවට වන සැකයක් මතයි මෙලෙස ජාන විශ්ලේෂණයක් ආරම්භ කර ඇත්තේ. වික්ටෝරියා ප්‍රාන්තයෙන් මේ දක්වා කිසිදු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයෙකු වාර්තා වී නැහැ. https://www.9news.com.au/national/australia-breaking-news-live-updates-december-7-2021-coronavirus-omicron-variant-us-diplomatic-of-beijing-olympics/5a70ee4a-8d02-4c8d-a069-901e9024601c#post=d14accdf-4be3-4c4d-8693-c1b3d78fb843

Read More »

ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ප්‍රියන්ත කුමාර මහතාට පකිස්ථානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පංජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉමිටියාස් නොහොත් බිල්ලි ලෙස හැඳින්වෙන මොහු රාවල්පිණ්ඩි නුවර දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පංජාබ් පොලිසිය නිකුත් කල ට්විටර් සටහනක සඳහන්. මොහු ඇතුලු තවත් සැකකරුවන් 08 දෙනෙකුද මෙම සිද්ධියට අදාළව ඊයේ දිනය තුළදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පකිස්තානයේ සියල්කොට්හි දී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ සිරුර ඔහුගේ නිවෙස

Read More »