Day: November 29, 2021

Breaking : ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 දක්වා කල් යයි

නව කොවිඩ් වෛරසය හමුවේ මෙරට දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 වනදා දක්වා කල් දමා තිබේ. අද පැවති ජාතික ආරක්ෂක හමුවේදී එම තීරණය ගෙන ඇත. පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් 01 වනදා සිට සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණි. මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරස් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන අවසන්. උද්ගතව ඇති තත්වය සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා විසින් අද හෝ හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් රැස්වීමක්ද කැඳවා තිබෙනවා. පවතින තත්වය සුලු කොට

Read More »

ඔස්ටේ්‍රලියාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 02 ක් – මුලු ගණන 05 දක්වා ඉහළට

ඔමික්‍රොන් වෛරසය ආසාධිත තවත් ගුවන් මගීන් දෙදෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ. ඔවුන් සිංගප්පූරුව හරහා සිඩ්නි නුවරට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයන් දෙදෙනෙකි. මේ අනුව ඔස්ටේ්‍රලියාවෙන් හමුවූ මුලු ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ යයි. ඉන් 04 දෙනෙකුම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක්. Source: https://7news.com.au/news/coronavirus-nsw/omicron-covid-update-two-more-cases-detected-in-nsw-c-4746431

Read More »

සංචාරක සීමා කිරීම් පිළිබඳ වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති කියයි

සංචාරක සීමා කිරීම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය පරිදි ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි. නව Omicron ප්‍රභේදයේ බලපෑම සමාලෝචනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වනු ඇති. ඉන් අනතුරුව ඉදිරි පැය 48 තුළ ජාතික කැබිනට් රැස්වීමක් ද පවත්වනු ඇත. පවතින තත්වය සුලු කොට තැකිය නොහැකි බවයි අගමැති මොරිසන් පෙන්වා දෙන්නේ. ලබන 01 වනදාට යෙදී ඇති දේශ සීමා විවෘත කිරීම, පවතින ඔමික්‍රෝන් වෛරස් අවධානම හමුවේ කල් දැමීමට සිදුවනු ඇති

Read More »

මෙල්බර්න් විරෝධතාවලට සහභාගී වූ 19 කට කොවිඩ්

මෙල්බර්න් නගරයේ මෑතකාලීනව පැවති විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන් 19 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ. ඉන් 16 දෙනෙකුම කිසිදු කොවිඩ් එන්නත් මාත්‍රාවක් නොගත් අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ. දෙදෙනෙකු එක් මාත්‍රාවක් ගෙන ඇති අතර එක් අයෙකු මාත්‍රා 02 ම ලබාගෙන ඇති බව සඳහන්. සංචරණ සීමා සහ එන්නත්කරණ අනිවාර්ය කිරීම්වලට විරෝධය පළකරමිනුයි සෑම සති අන්තයකම මෙල්බර්න් නගරයේ විරෝධතා පැවැත්වුණේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,007ක් හමුව

Read More »